අපගේ කාර්ය භාරය

මංමාවත්

මංමාවත් නඩත්තු කිරීම හා වැඩිදියුණු කිරීම

  •  ජල නල එලීම සදහා මාර්ග පලුදු කිරීමට අවසර ලබා දීම.
  • මාර්ග දෙපස කාණු ඉදිකිරීම.
  • මාර්ග දෙපස කැළෑ එළි පෙහෙළි කිරීම.
  • අවශ්‍ය ස්ථාන වල පාලම් හා බෝක්කු ඉදිකිරීම.
  • නාම පුවරු සවි කිරීමට අවසර දීම හා ගාස්තු අය කිරීම.
  • බැකෝ යන්ත්‍ර,මෝටර් ග්‍රේඩර්, මාර්ග තලන යන්ත්‍ර කුලියට දීම.

නව මංමාවත් තැනීම

  • ප්‍රාදේශීය සභා මාර්ග බොරලු දැමීම,තාර දැමීම හා කොන්ක්‍රීට් කිරීම.

මංමාවත් වලට ආලෝකය සහ ජලය සැපයීම.

  • නාගරික ප්‍රදේශ හා පොදු ස්ථාන වල වීථි ආලෝක කිරීම.

මංමාවත් දෙපස සිදුකෙරෙන ඉදිකිරීම් විධිමත් කිරීම සහ පාලනය කිරීම.

  • අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම.
  • කඩකුලී තක්සේරු කිරීම සහ කඩකුලී අයකිරීම.
  • බිම් කුලී අයකිරීම.
  • වරිපනම් දේපල තක්සේරු කිරීම හා ප්‍රතිශෝධනය කිරීම.

ගොඩනැගිලි සීමා සහ වීථි රේඛා සලකුණු කිරීම.

  • ගොඩනැගිලි සීමා සදහා සහතික නිකුත් කිරීම.
  • වීථී රේඛා සහතික නිකුත් කිරීම.
  • වරිපනම් බදු ලේඛණයේ නම් වෙනස් කිරීම.
  • ගොඩනැගිලි අයදුම් පත් සදහා අනුමැතිය ලබාදීම.
  • නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම.
  • පිඹුරුපත් සහතික කිරීම.
  • නාගරික ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම.

මංමාවත් වලට සිදුකරන හානි වැළැක්වීම.

  • පාරේ යම් වාහනයක් යාම තහනම් කිරීම.
  • ත්‍රී රෝද රථ ගාල් පවත්වාගෙන යාමට අවසරදීම හා ගාස්තු අය කිරීම.

මහජන සෞඛ්‍ය

ජලාපවහනය විධිමත් කිරීම

කසල ශෝධනය හා මලාපවහනය විධිමත් කිරීම

  • නාගරික ප්‍රදේශ වල කැලි කසල ඉවත් කිරීම.

සෞඛ්‍යයට අහිතකර ගොඩනැගිලි ඉවත් කිරීම

ජනතාවට බලපාන පීඩාකාරී තත්වයන් මගහැරවීම සදහා කටයුතු කිරීම

  • අනවසර ඉදිකිරීම ඉවත් කිරීම.
  • අනතුරුදායක ගස් කැපීම.
  • දේපල තහනමට ගැනීම.
  • ඉඩම් සංවර්ධනය සදහා අවසර ලබාදීම.
  • ඉඩම් කට්ටි කිරීම සදහා අවසර ලබා දීම.
  • පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකකුත් කිරීම.
  • සෞඛ්‍යෙයට හානිදායක ව්‍යාපාර හා කර්මාන්ත තහනම් කිරීම.
  • පීඩා පරික්ෂාව.
  • අයාලේ යන ගවයින් ඇල්ලීම.
  • වාහන සහ සතුන් පිලිබද බදු පැනවීම.

සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාර පාලනය කිරීම සදහා අවශ්‍ය කටයුතු කිරීම

මාතෘ සහ දාරකාභිවෘද්ධිය ඇති කිරීම සහ  සෞඛ්‍ය සායන පැවැත්වීම

  • සායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම.

රෝග බෝවීම වැලැක්වීම සදහා අවශ්‍ය පියවර ගැනීම

  • බොවන රෝග මර්ධන වැඩසටහන් පැවැත්වීම.

පොදු උපයෝගීතා සේවා

ජල සම්පාදනය

  • නළ ලිං නඩත්තු කිරීම.
  • ජල බවුසර් කුලියට දීම.

මහජනතාවගේ පොදු ගොඩනැගිලි ආලෝකමත් කිරීම

වෙළද පොළ පවත්වාගෙන යාම

  • පොළ බදු අයකිරීම.

සුසානභූමි පවත්වාගෙනයාම

ආදාහනාගාර පවත්වා ගෙන යාම

ක්‍රීඩා භූමි, ක්‍රීඩාගාර පවත්වාගෙනයාම

  • පොදු  ක්‍රීඩාංගන පවත්වාගෙන යාම.

සුභසාධන සේවාවන් පවත්වාගෙන යාම

  • බස් නැවතුම් පොලවල් නඩත්තු කිරීම.
  • පොදු වැසිකිලි පහසුකම් ලබාදීම.
  • පොදු නාන ස්ථාන ඉදිකිරීම.
  • ආයුර්වේද බෙහෙත්ශාලා පවත්වාගෙන යාම.
  • ප්‍රජා ශාලා පවත්වාගෙනයාම.
  • විනෝද බදු අයකිරීම.

ප්‍රාථමික අධ්‍යාපනය, පුස්තකාල සේවා පවත්වාගෙනයාම

  • පෙර පාසල් පවත්වාගෙනයාම.
  • අවශ්‍ය ප්‍රදේශ සදහා නව පෙර පාසල් ආරම්භ කිරීම.
  • පුස්තකාල පවත්වාගෙනයාම.
  • අවශ්‍ය ප්‍රදේශ සදහා නව පුස්තකාල ආරම්භ කිරීම.

ආගමික හා සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය කිරීම

විවේකය, විනෝදය සදහා මහජන උද්‍යාන ඇති කිරීම

  • ළමා උද්‍යාන සහ උද්‍යාන ඉදිකිරීම හා පවත්වාගෙනයාම.

අදාල අන පනත් ක්‍රියාත්මක කිරීම

  • 1862 අංක 15 දරන පීඩා ආඥා පනත ක්‍රියාත්මක කිරීම.
  • 1893 අංක 07 දරන ජලභීතිකා රෝගය පිළිබද ආඥා පනත ක්‍රියාත්මක කිරීම.
  • 1893 අංක 09 දරන ගෝඝාතක ආඥා පනත ක්‍රියාත්මක කිරීම.
  • 1893 අංක 15 දරන වෙන්දේසිකරුවන් හා බ්‍රෝකර්වරුන් පිළිබද ආඥා පනත ක්‍රියාත්මක කිරීම.
  • 1912 අංක 07 දරන ප්‍රසිද්ධ රග දැක්වීම් ආඥා පනත ක්‍රියාත්මක කිරීම.
  • 1946 අංක 13 දරන නගර හා ග්‍රාම නිර්මාන ආඥා පනත ක්‍රියාත්මක කිරීම.
  • 1951 අංක 12 දරන තානායම් පනත ක්‍රියාත්මක කිරීම.
  • 1975 අංක 04 දරන වීථි නම් කිරීමේ හා ස්මාරක පිහිටුවීම පාලනය කිරීමේ පනත  ක්‍රියාත්මක කිරීම.
  • 1975 අංක 17 දරන සමාජශාලාවලට බලපත්‍ර දීමේ පනත ක්‍රියාත්මක කිරීම.
  • 1980 අංක 26 දරන ආහාර පනත ක්‍රියාත්මක කිරීම.

Loading